NMRA දත්ත ගිලපු පුද්ගලික සමාගම ගැන තොරතුරු කරළියට



ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මගඩියට සම්බන්ධ විමර්ශන තවමත් ක්‍රියාත්මක අතර වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා ඔවුන්ට දඩුවම් ලබාදීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතියි. මේ සිද්ධිය පිටුපස ටෙලිකොම් සමාගම සිටින බවට පසුගියදා චෝදනා එල්ල වූ අතර රජයට චෝදනා කරන අතරතුර තම ගජ මිතුරු ජාවාරම්කාර සමාගම සුරක්ෂිත කිරීම මෙලෙස චෝදනා කළ පිරිසගේ අරමුණ විය. දත්ත මකාදැමීමේ සිද්ධිය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න ගැන සොයාබැලීමේ පරීක්ෂණ ක්‍රියාත්මක අතර මේ දත්ත සම්බන්ධ Hosting කටයුතු Dialog සමාගම විසින් සිදුකරණ බව විමර්ශනයට සම්බන්ධ නිලධාරීන්ට හිතවත් ආරංචි මාර්ග පවසයි.
 
යහපාලන ආණ්ඩුව සමයේදී NMRA දත්ත සම්බන්ධයෙන් කටයුතු කළේ ටෙලිකොම් සමාගමයි. ඉන්පසු 2017 දී මෙහි ඩිජිටල්කරණ කටයුතු ආරම්භ වූ අතර ටෙන්ඩර් කැඳවීමක් තුළින් ඒ සදහා වඩාත් සුදුසු එපික් ටෙක්නොලොජිස් බවට තෝරාගැනීම සිදුවිය. මෙහි මෘදුකාංග පද්ධතිය නඩත්තු කටයුතු ඇතුළු තාක්ෂණික ගැටළු පිළිසකර කිරීම් සිදු කිරීම බාරව සිටියේ ද එපික් ටෙක්නොලොජිස් ආයතනයයි. හිටිහැටියේ මෙහි දත්ත ගොනු ලක්ෂ 11ක් 2021 ජුලි 9 වැනිදා එපික් සමාගමේ ඉංජිනේරුවරයෙකු අතින් මැකී ගිය බව මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි.
$ads={2}
සිද්ධියට සම්බන්ධ NMRA දත්ත මෙහෙයුම් පද්ධතිය පවත්වාගෙන ගිය එපික් ලංකා ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණය වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සඳහා එම පුද්ගලයා විසින් විශේෂ විධානයක් සකස් කර එම දත්ත මකා දමා ඇති බවය. දත්ත මකා දැමූ දින විධානය යොමුව තිබූ IP අංකය සහ සැකකාර මෘදුකාංග ඉංජිනේරුවරයාගේ පරිගණකයේ IP අංකය සමාන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
 
එමෙන්ම පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ එම සැකකාර ඉංජිනේරුවරයා නිවසේ සිට දත්ත මකා දැමීම සඳහා අදාළ විධානය සකස් කර ඇති බවය. 2021 ජුලි 09 වැනිදා උදේ 3.47 සිට පෙරවරු 10.29 දක්වා සිය නිවසේ සිට රහස් ජංගම දුරකතන අංකයකින් මෙම ප්‍රශ්නගත දත්ත පද්ධතියට මොහු ඇතුළු වී තිබේ. පැය 7ක් තුළ ඔහු මෙම දත්ත පද්ධතියට පිවිස මොනවාද කළේ යන්න ප්‍රශ්නයක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් ඊයේ පැවසුවේය.
 
'ජාතික ඖෂධ නියාමන අධිකාරිය තමන්ට අදාළ දත්ත පද්ධතියට පිවිසීමට නොහැකි බව දැනගන්නේ පස්වරු 2ට පමණ. ඔවුන් ඒ සම්බන්ධයෙන් මෙම සැකකරු සේවය සැපයූ එපික් ලංකා ආයතනය දැනුවත් කර තිබෙනවා. එවිට එම ආයතනය දත්ත පද්ධතිය පරික්ෂා කිරීමට භාරදී තිබෙන්නේත් මෙම සැකකරුටමයි. පසුව සැකකරු යළි එම දත්ත ගබඩාවට පිවිසීමෙන් පසුවයි තමන්ගේ අතින් දත්ත මැකීගිය බව ආයතනය දැනුවත්කර තිබෙන්නේ' යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය. මේ සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක අතර සැකකරු ඔක්තෝම්බර් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ නියෝග කෙරුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post