රාජ්‍ය ආයතන බිල්ලට දී පෞද්ගලික ආයතන රකින NMRA දත්ත වංචාව



ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මෑකී යාමේ සිද්ධිය මෑතකදී මහත් ආන්දෝලනයට තුඩු දුන් සිද්ධියක් විය. මෙම සිද්ධියට අදාළව කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී මෙහි වෝහාරික සීඅයිඩී වාර්තාව ගැන අනාවරණය කළේය. ඔහු පෙන්වාදුන්නේ මෙම දත්ත මකාදමන්නේ නම් එය මකාදැමුවේ කවුරුන්ද යන්න සොයාගත හැකි ක්‍රමය පවා මකා දමා ඇති බව මේ වාර්තාවේ සදහන් බවයි.
$ads={2}
මේ තුළ තවත් පැහැදිලි වන්නේ මෙම දත්ත ගැන මනා අවබෝධයක් ඇති අයකු විසින් මේ අපරාධය සිදුකර ඇති බවයි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව හෙවත් 'ගවන්මන්ට් ක්ලවුඩ්' වෙත පිවිසීමේ හැකියාව තිබුණේ එහි කටයුතු භාරව සිටි Dialog සමාගමටයි. රාජ්‍ය තොරතුරු කිසිදු වග විභාගයක් නැතිව පරිහරණය කරමින් අවසානයේ ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් වන අන්දමින් කටයුතු කර මේ දත්ත මකාදැමීමේ කටයුත්තේ මහ මොළකරුවන් ඔවුන්ය.

අද මේ පිරිස සිය හෙළුව වසාගන්නට කටයුතු කරන්නේ කුලියට ගත් ෆේස්බුක් ලියන්නන් සහ පේජ් ඇඩ්මින්වරු සමග එකතුවෙමින් තමන්ට සුදුහුණු ගා ගැනීමේ ව්‍යාපෘතියක්ද දියත් කරමිනි. මේ කටයුත්ත වෙනුවෙන් කතාකරන්නට ඔවුන් රජයේ දේශපාලකයන්ද භාවිත කරමින් සිටියි. දේශපාලකයන් ලවා මාධ්‍ය හමු පවත්වන මේ පිරිස ඔවුන් ලවා තමන් කළ කටයුත්ත සාධාරණීකරණය කිරීමට ද කටයුතු කරමින් සිටියි. පුදුමයට කරුණ වී තිබෙන්නේ රජයේ පිරිස් ද තමන් ඇතුළු කාර්යමණ්ඩලයට එල්ල වන චෝදනා වලට ප්‍රතිචාර නොදක්වමින් නිහඩව සිටීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post