
පාර්ලිමේන්තු පනතක් මගින් පිහිට වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තිබූ අති සංවේදී දත්ත හිටිහැටියේ මකාදැමීම ගැන පසුගිය අගෝස්තුවේදී අනාවරණය විය. මෙය ජූලි මාසයේදී සිදුවූ බව හෙළිදරව් වෙන්නේ ඒ ගැන දියත් වුණු වැඩිදුර විමර්ශන මගිනි. 2015 දී ස්ථාපිත වුණු ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව මේ දත්ත මැකීයාම අතිශය බරපතල ගණයේ වරදක් බව නීති විශාරදයන්ගේ මතයයි. අධිකාරියේ සෑම නිලධාරියෙකුම තම කාර්යභාරය ආරම්භ කිරීමට පෙර මෙහි පවතින තොරතුරු වල රහස්‍ය බව සුරැකීමට ප්‍රතිඥා දියයුතු වේ. මෙය ඊට සම්බන්ධ වී සිටින බාහිර පාර්ශ්ව වලට ද අදාළය. දත්ත මකාදැමූ බවට කෙලින්ම චෝදනා එල්ලවෙන්නේ විදේශ හිමිකාරිත්වයක් ඇති සන්නිවේදන සමාගමකට බව නීති විශාරදයන්ගේ මතයයි. රටක නීතියට අභියෝග කරන්නට තරම් වූ මේ සමාගම අධිකාරියේ පනත ද ඉක්මවා යමින් කටයුතු කර ඇත.
$ads={2}
දැන් මේ ගැන මාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරෙන්නේ ද නැත. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු මේ ගැන නිල වාර්තාවක් ඉදිරිපත් කරන බවයි. අද වනතෙක් මේ කිසිදු වාර්තාවක් නම් එළියට ආවේ නැත. දත්ත මැකීයාමට සම්බන්ධ ඍජු චෝදනා එල්ල වන පෞද්ගලික සමාගමට මෙන්ම එහි කාර්ය මණ්ඩලයට සම්බන්ධයෙන් කිසිදු නිතීමය ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නැත. එවැනි තත්වයක් තුළ රටේ ජාතික ආරක්ෂාවට කළ මේ අභියෝගයට වගකිවයුතු පිරිසට එරෙහිව නිතීය ක්‍රියාත්මක වේදැයි යන්න තවමත් ගැටළුවක් බව නීති විශාරදයන් පවසයි.