NMRA දත්ත ගිලපු බහිරවයා ගැන තොරතුරු හෙළිදරව් වේ


කොවිඩ් අර්බුදය හමුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන නිරන්තරයෙන් කතාබහ
සිදුවන අතර මේ අතරට එක්වූ අලුත්ම මාතෘකාව වී තිබෙන්නේ ඖෂධ නියාමන
අධිකාරියේ දත්ත හිටිහැටියේ මැකීයාම පිළිබද පුවතයි. මෙය ආණ්ඩුවේම සැලැස්මක්
බවට විපක්ෂය චෝදනා කර සිටින අතර අනෙක් පසින් ආණ්ඩුව පෙන්වා දෙන්නේ
යහපාලන සමයේදී NMRA දත්ත ඩිජිටල්කරණයට කටයුතු කළද එහි සුරක්ෂිතතාව
ගැන නිසි සැලකිල්ලක් නොදැක්වූ බවයි. දේශපාලන ආරංචි මාර්ග පවසන අන්දමට
මේ කුමන්ත්‍රණය පිටුපස ප්‍රබලයෙකු සිටින අතර ඔහු විපක්ෂ නියෝජනය
කරන්නෙකු බවද පැවසේ.
$ads={2}
අති දැවැන්ත මුල්‍ය වාසි බලාපොරොත්තුවෙන් ඔහු විසින් පෞද්ගලික සමාගමකට
ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම දත්ත මකාදැමීම සිදුවී තිබේ. ඖෂධ
ගෙන්වීමට මෙරටට ඩොලර් නැති බව පවසමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම
මෙන්ම ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඇතිකිරීමද මොහුගේ අභිලාෂය වන බව
පැවසේ. මේ ප්‍රබල දේශපාලකයා පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය
වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post