
ඊයේ (17) දිනයේ මෙරට සුරාසැල් විවෘත කිරීමත් සමඟ දැඩි තදබදයක් සුරාසැල් ඉදිරිපිට තිබුණු ආකාරය දැකගන්නට හැකිවුණා.
අද (18) දිනයෙත් සුරාසැල් විවෘතව ඇති බවට අප ප්රදේශීය වාර්තාකරුවන් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ නුවරඑළිය දිස්ත්රික්කයේ සියලුම මත්පැන් අලෙවිසැල් සුපුරුදු පරිදි අද (18) දිනයෙත් විවෘත කර පාරිභෝගිකයන්ට මත්පැන් අලෙවි කරන ලෙස මත්පැන් අලෙවිසැල් හිමියන් වෙත උපදෙස් ලබාදුන් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පවසා තිබෙනවා.
$ads={2}
ඊයේ (17) දින පස්වරුවේ සිට මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා අවසර ලබාදිමෙන් අනතුරුව පනවා ඇති ඇදිරිනිතියද නොතකා මත්පැන් මිල දි ගැනිමට හැටන්ෙ, නුවරඑලිය ඇතුළු වතුකරයේ ප්රධාන නගර වල මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට දිගු පොලිම් දක්නට ලැබුණා.එමෙන්ම ඊයේ දිනයේ දී සුරාසැල්වලට ඉහළ අලෙවියක් තිබී ඇති බවද අපට පෙනී ගියේ අද දිනයේ එම සුරාසැල්වලට අලෙවියට නැවතත් මත්පැන් ගෙන එන ආකාරයට දකින්නට ලැබීම නිසයි.
මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමත් සමග වතුකරයේ ප්රධාන නගර කිහිපයකම වෙළෙඳසැල්ද විවෘත කර තිබෙන ආකාරයක් අප කැමරාවේ සටහන් වී තිබුණේ මෙලෙසයි.