
කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය උපදේශක එලියන්ත වයිට් වයස අවුරුදු 48 ක්ව සිටියදී ඊයේ අභාවප්‍රාප්ත වුණා.
ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් මෙන්ම දේශපාලනඥයින්ට ස්වයං සුව කිරීමේ ක්‍රමයකින් සහන සැලසූ ඔහු ඉන්දියාවේදීද ඒ පිළිබඳව අධ්‍යයනයන් සිදුකර තිබෙනවා.
ඔහුගෙන් ප්‍රතිකාර ලැබූ අය අතර සචින් තෙන්ඩුල්කාර්, ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයින්ද ඇතුළත්.
එලියන්ත වයිට්ගේ අභාවය පිළිබඳව මාලිංග සිය ට්වීටර් ගිණුමේ සටහනක්ද එක්කර තිබුණා.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ 2008 වසරේදී තමාගේ පාදයේ ආබාධය විශ්මිත අන්දමින් සුව කිරීම තුළින් සිය ක්‍රීඩා දිවිය ඉහළ මට්ටමකට රැගෙන යෑමට හැකි වූ බවයි.
