සඳුදා රට අරිනවා ද? තීරණය ලැබෙන්නෙ මෙහෙමයි, ඇමති කෙහෙළිය කිව්ව කතාව


නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියාසිටියේ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිත බවයි.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පණවනු ලැබුවේ පසුගිය අගෝස්තු 20 වැනිදායි.
$ads={2}
එය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා අලුයම 04 ටයි.

මේ අතර, කොවිඩ් ආසාදිත රෝගීන්ගේ ඔක්සිජන් සැපයුම දෛනිකව නිරීක්ෂණය කර නිසි ක්‍රියා මාර්ග ගන්නැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post