
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සති අන්ත සාකච්ඡාමය විනෝදජනක වැඩසටහනකට හරීන් ප්‍රනාන්දු, ලහිරු පෙරේරා සහ උපේක්ෂා ස්වර්ණමාලී යන අය සහභාගි වුණා. මෙම වැඩසටහනේ එක් එක් අයට ප්‍රශ්න ඉදිරිපත් කරන අතර, සෘජුව පිළිතුරු දීමට නොහැකි ප්‍රශ්න සඳහා පිළිතුරු වෙනුවට වෙනිවැල්ගැට වීදුරුවක් පානය කර පිළිතුරු ලබානොදීමේ හැකියාව ලැබෙනවා. එම වැඩසටහනට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුට ඉදිරිපත් කෙරුණු ප්‍රශ්න වලට ඔහු ලබා දුන් පිළිතුරු මෙසේය.
ප්රශ්නය : බොක්සිං තරඟයකදී පරද්දන්න පුලුවන් කෙනා කවුද? 1. ජොන්ස්ටන් ප්‍රනාන්දු 2. මහින්දානන්ද අලුත්ගමගේ 3. දයාසිරි ජයසේකර
පිළිතුර : තුන්දෙනාටම ගහනවා එකට. පරදින්න ගහගන්නේ නෑනේ. මමයි දයාසිරියි බොක්සිං ගේම් එකක් ගියා. මතක හැටියට රූපවාහිනී විවාදයකදී. සෙට් එක කඩාගෙන ගහ ගත්තා. බිම පෙරලගෙන ගැහුවෙ.
ප්රශ්නය : පාර්ලිමේන්තුවේ දී මේවාට සම්මාන දුන්නොත් ඔබ නිර්දේශ කරන්නේ කවුද?
මෝඩම තීරණය ගන්න කෙනා
$ads={2}
පිළිතුර : පාර්ලිමේන්තුවේ 225 මකිසිම තේරුමක් නැතිව කෑගහන කෙනා
පිළිතුර : තිස්ස කුට්ටිආරච්චි, චාමර සම්පත් දසනායක
ඔය දෙන්න ඔහේ ඒක කෑගහනවා. මම නැගිට්ටත් ඇති බුරනවා. හැබැයි දෙන්නම මගේ මිත්‍රයෝ
මාතෘකාවට අදාලව කතා නොකරන කෙනා
පිළිතුර : හරින් ප්‍රනාන්දු
ප්රශ්නය : පාර්ලිමේන්තුවේදී දැක්කත් තරහ යන කෙනා කවුද?
පිළිතුර : අටක් දහයක් විතර ඉන්නවා. වැඩි දෙනෙක් අලුත්. ඒ ඉන්න අයගේ නම් මතක නෑ. ගුටි කන මුහුණු තමයි තියෙන්නේ
ප්රශ්නය : ඔබගේ නමත් එක්ක ගොසිප් හැදුනු කාන්තාව කවුද? හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
ප්රශ්නය : මුල්ම ආදරය හැඟීම ඇතිවුණේ කාටද? එයාගෙ නම සෙනාලී. හැබැයි මං හිතන්නේ නෑ මම තාම ආදරය තේරුම් අරන් ඉන්නවා කියලා.