ඒලියන්ත වයිට් අභාවය නිසා අගමැති මහින්ද දැඩි කණගාටුවෙන්..

Dr Eliyantha White

කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප‍්‍රාප්ත වීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

‘වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ හදිසි අභාවය පිළිබඳ දැනගත් මම බෙහෙවින් කනගාටුවට පත්වූයෙමි.
$ads={2}
මම කලක් ඉතා ම සමීපව ඇසුරු කළ වෛද්‍ය ඒලියන්ත, ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට උදව් කළ බව කෘතවේදීව සිහිපත් කරමි.

ඔහුගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ ඥාතීන් ඇතුළු සියලු දෙනාට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post