තරුණියන්ගේ සිහින කුමරා තවමත් තනිකඩයි

Charith N Silva

වර්තමානය වනවිට සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වන මෙන්ම තරුණියන්ගේ ආකර්ෂණය හිමිකර ගත් තරුණයෙකු කෙරෙහි ලාංකිකයන් සුවිශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ මේ දවස්වල ලාංකිකයන් අතර ජනප්‍රියත්වයට පත් නළුවෙකු ගැනවත් ගායකයෙකු ගැනවත් නොවෙයි. කෑම හදලා තරුණියන්ගේ ආදරය දිනාගත්තු කඩවසම් තරුණයෙකු පිළිබඳවයි. ඉතින් ඕනෑම වර්ගයක කෑමක් හදන්න පුළුවන් මොහු ගැන ලංකාවේ තරුණියන් වඩාත් උනන්දු වෙනවා. ඉතින් ඒෂියන් මිරර් අපි සමඟ ඔහු මෙලෙස කතා බහට එක්‌ වුණා.

සම්පුර්ණ නම?

චරිත් න් සිල්වා

වයස?

අවුරුදු 25

අධ්‍යාපනය හැදැරූ පාසල්?

ගා රේවත ජාතික පාසල

වෘත්තීය වශයෙන් මේ රැකියාව තෝරා ගැනීම ගැන ඔබ මොකද හිතන්නේ?

ගොඩක් සතුටුයි ජීවිතේ ගත්ත හොද තීරණයක්

Tiktok වලට ඇවිල්ලා මෙහෙම පෙරලියක් කරන්න හිතුනේ ඇයි?

ඇත්තටම ලංකාවේ මම කුකින්ග් සම්බන්ධ වීඩියෝ tik tok වල දැකලා තිබුනේ නැහැ. tiktok කියන්නේ මෑත කාලීනව ගොඩක් grow වුන social media platform එකක් සහ මගේ වෘත්තීය කුකින්ග් වීම නිසා හිතුනා මෙහෙම දෙයක් කරන්න.

මේ තරම් ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා හිතුවද?

ඇත්තටම නැහැ.

ඔබට වැඩිපුරම කමෙන්ට්ස් ලැබෙන්නේ තරුණියන්ගෙන්. ඒ ගැන කතා කලොත්?

ඔව් ඇත්තටම සතුටුයි

ඔබට දැන් පෙම්වතියක් ඉන්නවද?

නැහැ
$ads={2}
ඔබ දැන් තරුණියන්ගේ සිහින කුමරා බවට පත් වෙලා ඉන්නේ. අපි ඒ ගැනත් කතා කරමු.

හා හා එහෙම කියලා තියෙන posts නම් මම දැක්කා social media වල

ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

ඉවුම්පිහුම් කලාවෙන් වෙනස්ම දේවල් කිරීමට බලාපොරොත්තු කිහිපයක් තිබෙනවා.

ඔබට මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලබා දෙන අයට මොකක්ද කියන්න තියෙන්නේ?

ඔවුන්ට ගොඩක් ආදරෙයි. ඇත්තෙන්ම වයස් භේදයක් නැතිව හැම කෙනෙක්ගෙන්ම හුගක් හොද ප්‍රතිචාර ලබෙනවා. ඒ වගේම විදෙස් රටවල අයගෙන් පවා. ඔවුන් නිසා තමයි අද මේ තැන මන් ඉන්නේ. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඒක මගේ ගමනට ලොකු ආශිර්වාදයක්.

හැමෝම අහන දෙයක් තමයි "හැම කෑමටම අන්තිමට පිහියෙන් කොටන්නේ ඇයි?" කියන එක.. එය තව ප්‍රේක්ෂක ආදරය ලබා ගැනීමට ඔබ කරන වෑයමක්ද?

එහෙම විශේෂයෙන් කරපු දෙයක් නෙවෙයි ඒක. හදපු කෑම කපලා පැහැදිලිව පෙන්නන්න ඕන නිසා ඒක මුලින් මම කලේ. ඒත් හිතපු නැති විදියට ඒකට ප්‍රතිචාර ලැබුනා

මේ වන විට අපිට දකින්න ලැබෙනවා ගොඩක් දෙනෙක් ඔබව අනුකරණ කිරීමක් කරනවා කියලා. ඒ ගැනත් කියමු.

එ අයටත් මම සුබ පතනවා.

ඔබේ හැකියාව වගේම ලස්සන හිනාව නිසා ඔබ ඉදිරියේදී රංගනය එන්න බලාපොරොත්තුවක් නැද්ද?

එහෙම බලාපොරොත්තුවක් නෑ

අවසාන වශයෙන් ස්තුති කරන්න තියෙන අයට මෙය අවස්ථාවක් කර ගන්න.

ඔව් මට මෙතනට එන්න උදව් කරපු නම් වශයෙන් කියන්න බැරි හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post