යළිත් බෝම්බ බියක් - නාවික හමුදාවෙන් දේවස්ථානයකට දැනුම්දීමක් (VIDEO)



කිතුනු දේවස්ථාන ඉලක්ක කරගනිමින් නැවත වතාවක් යම්කිසි ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තොරතුරක් වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බෝපිටිය සාන්ත නිකුලා දේවස්ථානය දැනුවත් කර තිබේ.

මීසම් සේවක පියතුමන් මීසම් ගෘහයේ නොමැති අවස්ථාවක ඊයේ (28) දිනයේ පැමිණ බෝපිටිය සාන්ත නිකුලා දේවස්ථානයට මෙම දැනුවත් කිරීම සිදුකර ඇති අතර ඒ අවට අනෙකුත් දේවස්ථානද දැනුවත් කිරීමට කටයුතු කරන බව එහි පැමිණි නිලධාරීන් පවසා ඇත.
$ads={2}
එහිදී දේවස්ථානවලට ඇතුළු වන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසටද, පූජාප්‍රසාදීන් වහන්සේලා භාවිතා කරන ඇඳුමට සමාන ඇඳුම් වලින් සැරසී ඇතැම් පුද්ගලයින් ඇතුළු වියහැකි බවටද අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

නමුත් මෙම පණිවුඩය දැනගත් පියතුමන් අවට දේවස්ථාන වලින් හා අගරදගුරු නිල නිවසෙන් මේ පිළිබඳව විමසා ඇති අතර එවැනි දැනුවත් කිරීමක් ඔවුන්ට ලැබී තිබුනේ නැති බවට අවට දේවස්ථාන සහ අගරදගුරු මැදුරේ සහයක රදගුරු අති උතුම් J.D ඇන්තනී හිමිපාණන් විසින් පියතුමන්ව දැනුවත් කර .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post