ඇමති අනුරාධපුර හිරගෙදරටත් හෙලිකොප්ටරයකින් ගිහින් යකා නටලා



බීමත් රාජ්‍ය අමාත්‍යවරයෙකු සමග පැමිණි මිතුරන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගහ බැලීමට ගිය සිද්ධියක් වාර්තා වුණා.

ඒ වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ගේ විරෝධයද නොතකා.

අනුරාධපුරයේදීත් යකා නටලා

එවැනිම සිද්ධියක් අනුරාධපුරෙන්ද හෙළිදරව් වනවා.

එම හෙලිදරව්ව කරනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රෝහණ බණ්ඩාර මහතායි.

හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයකු අනුරාධපුර බන්ධනාගාරයේ කලාකාරි ලෙස හැසිරී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
$ads={2}
සිරකරුවන්ට තර්ජනය කිරීම

බීමතින් සිටි අදාළ අමාත්‍යවරයා බන්ධනාගාරය තුළට ගොස් දරුණු ගණයේ අපරාධකරුවන් සිර කුටි වලින් එළියට ගෙන දණගස්වා පිස්තෝලය හිසට තබා තර්ජනය කර ඇති බවද බණ්ඩාර මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

අදාල අමාත්‍යවරයා මේ ආකාරයට විවිධ තැන් වල හැසිරෙන අයෙක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

රජයේ වියදම් අවම කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබියදී බන්ධනාගාර සිරකරුවන්ට තර්ජනය කිරීම සඳහා මෙසේ රජයේ මුදල් වියදම් හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණීම පිළිබඳවත් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.

මධ්‍යම පළාතේ අයෙක්

වැලිකඩ බන්ධනාගාරයට බීමතින් ගිය රාජ්‍ය අමාත්‍යවරයා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන අයෙක් ලෙසයි මේ වන විට වාර්තා වන්නේ.

ඔහුගේ නමද මේ වනවිට ප්‍රසිද්ධ වී ඇති මුත් එය තවමත් තහවුරු වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් පළ කරන්න

Post a Comment (0)
Previous Post Next Post